දම් සිසිලෙන් සිත් සැනසෙන
පිංබර වෙසක්
මංගල්‍යයක් වේවා!
බුද්ධාගම යනු ?
බුද්ධාගම යනු බුද්ධ ධර්මය හෙවත් බුදු දහම පාදක කොට ගොඩනැගුනු ආගමකි. ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ඉගැන්වීම් මත පදනම් වූ දහමකි. එය ඉන්දියානු ආගමක් සහ දර්ශනකි.එය ආසියාවේ බොහෝ ප්‍රදේශ හරහා ව්‍යාප්ත වූ ක්‍රිස්තු පූර්ව 6 වැනි සහ 4 වැනි සියවස් අතර කාලය තුළ ශ්‍රමණ දහමක් ලෙස පුරාණ ඉන්දියාවේ දී ආරම්භ විය. එය ලොව සිව්වන විශාලතම ආගමයි. මිලියන 530කට අධික අනුගාමිකයින් හෝ ගෝලීය ජනගහනයෙන් 7%කට වඩා වැඩි ප්‍රමාණයක්, බෞද්ධයන් ලෙස හැඳින්වේ. බුදුදහම බොහෝ දුරට බුදුන්ගේ ඉගැන්වීම් අර්ථකථනය කරන ලද දර්ශනය මත පදනම් වේ.
කියවන්න.අට පට්ටම
ශ්‍රී ලංකාවේ ඕනෑම වෙසක් දිනයක් අට පට්ටම් වෙසක් කූඩුවක් නොමැතිව සම්පූර්න නොවේ. අට පට්ටම උතුම් වෙසක් උත්සවය සංකේතවත් කරයි. අශ්ටක හැඩයෙන් ඇති උන බට භාවිතා කරමින් සාදා සරල කොල වලින් ආවරනය කරන මෙම අට පට්ටම තුල බුදුන් දෙසු ධර්මය ගබඩා කර ඇත. එනම් වෙසක් කූඩුවෙ ප්‍රධාන පැති සතර බුදුදහමේ එන ආර්‍ය සත්‍ය 04 සංකේතවත් කරන අතර ත්‍රිකෝන හැඩති පැති අටෙන් ආර්‍ය අශ්ටාංගික මාර්ගය සංකේතවත් කරයි.
ත්‍රිමාණ වෙසක් කූඩුව නැරඹීමට පිවිසෙන්න.
සත් සතිය
සිදුහත් බෝසතානෝ වෙසක් මස පුර පසලොස්වක පොහොය දින සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. බුද්ධත්වයෙන් පසු සති හතක්ම බුදුරජාණන් වහන්සේ ජයශී මහ බෝධි සෙවණ හා එ ඇසුරෙහි සමවත් සුවයෙන් කාලය ගතකල සේක. එම සත් සතිය පිලිවෙලින්, බෝරුක මුල වැඩ සිටීම, අනිමිසලෝචන පූජාව, රුවන් සක්මන, රැවන් ගෙය වැඩසිටීම, අජපල් නුග රුක මුල වැඩ සිටීම, මුචලින්ද නාග දරණය තුලින් සෙවන ලැබීම, රාජායතන නම් කිරිපළු රුක මුල වැඩ සිටීමයි.
සත් සතිය තොරණ නැරඹීමට මෙතනින් පිවිසෙන්න.
ප්‍රයෝජනවත් දේවල්.
ඔබ අවට ඇති විහාරස්ථාන.
අරමුණ
ශ්‍රී ලංකාවේ තාක්ශනය සමග වේගයෙන් දියුණු වන තරුණ තරුණියන්ගෙ දැනුම මෙන්ම ආධ්‍යාත්මික සුවය වැඩිදියුණු කිරිම හා එමගින් සමාජයෙ ඇතිවන ප්‍රභල ගැටලු මැඩ පවත්වාගැනිමට හැකි පමණින් දායක වීම මෙම වෙබ් අඩවියෙ අරමුණයි.
තවත් තොරතුරු සදහා පිවිසෙන්න.